Latest News

SL vs NZ (3rd ODI) – තුන්වන සහ අවසන් එක්දින තරගය අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පපස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

අද තරගය සඳහා මීට පෙර පැවති තරගවලට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා තිබෙනවා.

ඒ ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩා කිරීම සඳහායි.

ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග සංචිතයට කැදවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර එක්දින තරගාවලිය දෙකට බින්දුවක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර අද තරගයද ජයගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට අවස්ථාව හිමි වනවා.

World News

Send your contact Details Today