Latest News

ඉන්දීය පිතිකරු සංජු සැම්සන්ගෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වාර්තාවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශතක තුනක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය පිතිකරු සංජු සැම්සන්ට ඊයේ (15) හැකියාව ලැබුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ ජොහැන්නස්බර්ග් හිදී ඊයේ (15) පැවති සිව්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ශතකයක් වාර්තා කරමින්.

සංජු සැම්සන් එහිදී පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

සංජු සැම්සන් මෙම තරගාවලියේ පළමු තරගයේ දී ද ශතකයක් රැස්‌ කළ අතර,එය ඔහු මෙම වසර තුළ රැස්කළ දෙවන විස්සයි විස්ස ශතකයයි.

ඔහු මෙම වසරේ රැස්කළ පළමු ශතකය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කිරීමට සමත් වුණා.

මේ අතර එංගලන්තයේ ෆිල් සෝල්ට් ගෙන් පසු ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියකදී ශතක දෙකක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට සැම්සන්හා ඊයේ රැස්කළ ශතකයත් සමඟ හැකියව හිමිවීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග හතකින් සමන්විත විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ශතකයක් රැස්කළ සංජු සැම්සන් දෙවන සහ තුන්වන තරගවල දී බිංදුවට දැවී යාමද විශේෂත්යක්.

එලෙස ඉනිම් දෙකක පිට පිට ලකුණු නොලබා දැවීයාමෙන් පසුවයි මෙම ඉවසිලිවන්ත ක්‍රීඩකයා ඊයේ (15) මෙම විශිෂ්ඨ ශතකය රැස් කළේ.

World News