නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තමන් එළඹෙන එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සමුගන්නා බවයි සවුති නිවේදනය කර සිටින්නේ.
වසර 18ක කාලයක් සවුති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන වේග පන්දු යවන්නෙක්.
ඔහු සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ මංගල ටෙස්ට් තරගය ද ආරම්භ කරන්නේ එංගලන්තයට එරෙහිව 2008 වර්ෂයේ දීයි.
35 හැවිරිදි සවුති මේ වනවිට ටෙස්ට් තරග 104කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 385ක් බිඳ හෙලා තිබෙනවා.
ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස දැක්වෙන්නේ ලකුණු 64කට කඩුලු 07ක් බිඳ හෙලීමයි.
ටිම් සවුති මෑතකදී නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකයා වශයෙන් කටයුතු කරමින් සිට ඉන් ඉල්ලා අස්වුණා.
ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.
ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරය පැවැත්වෙන සිය උපන් බිම වූ හැමිල්ටන් හි දී ටිම් සවුති විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
ටිම් සවුති යනු තරග 104ක දී ටෙස්ට් කඩුලු 385ක් දවාගෙන ඇති නවසීලන්ත ක්‍රීඩකයින් අතරින් ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට (කඩුලු 431) පමණක් දෙවැනි වන එකම ක්‍රීඩකයායි.