Latest News

මොහොමඩ් නබී, ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී, 2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඊයේ (11) ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

39 හැවිරිදි වියෙහි පසුවන නබී යනු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයායි.

නබී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මංගල එක්දින ක්‍රිකට් වරම් 2009 දී ස්කොට්ලන්තයට එරෙහිව දිනා ගන්නා අතර එක්දින තරග 167කට ක්‍රීඩා කරමින් ලකුණු 3,600ක් ලබා ගෙන තිබෙනවා.

ඔහු නමින් එක්දින ශතක 02ක් සහ අර්ධ ශතක 17ක් ද ලියැවීම සුවිශේෂීයි.

නබී සිය ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ; තමන් පන්දුවාර 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බවයි.

නබි ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව වත්මන් අංක 01 තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා ද වනවා.

World News