සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය අද (09) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
එහි පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7:00ට (යුරෝපා වේලාවෙන් සවස 2:30ට) ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි තරගය හෙට (10) රාත්‍රියේ දඹුල්ලේදීම පැවැත්වෙනවා.
මේ වසරේදී මෙරට පැවැත්වෙන අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය මෙය බැවින් සියලු දෙනා මේ කෙරෙහි විශාල උනන්දුවකින් පසු වනවා.
ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින නායක චරිත් අසලංක ඊයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූවේ ICC එක්දින ශ්‍රේණිගත කිරීමේ මුල් කණ්ඩායම් 3 අතරට පැමිණීම තම කණ්ඩායමේ අපේක්ෂාව බවයි.
ඒ සඳහා එක දිගට තරග ජයග්‍රහණ වැදගත් බැවින් මෙම තරගාවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා.
නවසීලන්ත විස්සයි20 නායකයා ලෙස මෙම සංචාරයට එක්ව සිටින මිචෙල් සැන්ට්නර් පවසන්නේ සාර්ථක ඉන්දීය සංචාරයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණ දස්කම් අතරට පැමිණීම අපේක්ෂාව බවයි.
එහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු පිළිබඳ විශේෂ අවධානයකින් ක්‍රීඩා කිරීම වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික විස්සයි20 තරගාවලි 9ක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාව ඔවුන් සමඟ වසර11කින් තරගාවලියක් ජය ගෙන නැහැ.
මේ හේතුවෙන් මෙවර තරගාවලිය ජය ගැනීම එකම අපේක්ෂාව වී තිබෙනවා.
කණ්ඩායම් දෙක විස්සයි20 තරග 23කට මුහුණදී එයින් තරග 13ක් නවසීන්තය ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 7ක ජය තහවුරු කර ගත්තා.
තරගයක් විසඳුමකින් තොරව අවසන්වෙද්දී තරග 2ක් ලකුණු සමවී ජය තීරණය වුණා.
දෙපිල අවසන් වරට මුණගැසුණේ පසුගිය වසරේ වන අතර එහිදී නවසීලන්තය තරග 2-1කින් තරගාවලිය ජය ගත්තා.