Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ පුරා පෝස්ටර්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ නගරය පුරා දැන්වීම් අලවා තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Play Off වට‌යේ තරග පැවැත්වෙමින් පවතින පසුබිමක මෙවැනි දැන්වීම් අලවා තිබීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බවයි, අදාළ පෝස්ටර්වලින් අවධාරණය කර ඇත්‌තේ. එය ඉංග්‍රීසි සහ සිංහල යන ද්විභාෂාවලින් ප්‍රදර්ශන කර තිබෙනවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සූදු තිත්පොලක් වී හමාරයි.! ක්‍රිකට් ක්‍රීඩාව බේරාගනිමු” යනුවෙන් සිංහල භාෂාවෙන් සටන් පාඨ ලියා තිබෙනවා.

“ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ලංකා ප්‍රිමියර් ලීග් සූදූකරුවන්ට විරුද්ධව වහා පියවර ගත යුතුයි” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා තිබීමත් විශේෂත්වයක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට පෙර දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු ලංකාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එමෙන් ම LPL තරගාවලියට අනුග්‍රහ දක්වන පිරිස් සම්බන්ධයෙන් දී විවිධ විවේචන පවතිනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මහබැංකුවට පැමිණිල්ලක් ද අද (19) ඉදිරිපත් කළා.

World News

Send your contact Details Today