Latest News

2024 ලොව වාර්තාගත උණුසුම්ම වසර වනු ඇති බවට පුරෝකථනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසර ලොව වාර්තාගත උණුසුම්ම වසර වනු ඇතැයි යුරෝපා සංගමයේ විද්‍යාඥයන් පිරිසක් පුරෝකථනය කර තිබෙනවා.

ඒ 1850-1900 පූර්ව කාර්මික යුගයෙන් පසු මෙම වසරේ උණුසුම් දර්ශකය ඉහළ යනු ඇතැයි අනුමාන කරන බවයි.

ඒ අනුව ඉන්ධන දහනයෙන් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවයි එම විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙන්නේ.

එසේම පසුගිය මාස 12 තුළ ගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1යි දශම 6යි 2කින් ඉහළ ගොස් ඇති අතර වසරේ වැඩිම උෂ්ණත්වය ඔක්තෝබර් මාසයේ වාර්තා වී තිබුණා.

World News

Send your contact Details Today