ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 සංස්කරණයේ කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් අතර, වැඩිම ගෙවීම දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන්ට වන අතර, එම මුදල ඉන්දීය රුපියල් කෝටි 23ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 80ක්) පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හෙන්රිච් ක්ලාසන් 2025 වසරේදී ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් පිල සමඟ තවදුරටත් කටයුතු කිරීමට එකඟවී ඇති අතර, ඔහුගේ සම්බන්ධය දිගටම කරගෙන යාමේ ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදුවනු ඇති.
ක්ලාසන් 2023දී සන්රයිස් හයිද්‍රාබාද් පිල සමඟ එක්වූ අතර, සංස්කරණ දෙකක් පුරාවට ඉනිම් 26කදී ලකුණු 927ක් රැස්කර ගෙන ඇති අතර, 175 කට ආසන්න විස්මිත ප්‍රහාරක වේගයක් රඳවා තිබෙනවා.
ඉන්දීය පිතිකරු විරාත් කෝලි මීළඟ අයිපීඑල් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ කටයුතු කරන අතර, ඔහුට ගෙවන මුදල ඉන්දීය රුපියල් කෝටි 21ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 73ක්) වනවා.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කෝලි සමඟ රාජාට් පැටිඩාර් හා යාෂ් දයාල් රදවා ගන්නා ලද ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස නම්කොට තිබෙනවා.
2008 වසරේ සමාරම්භක තරගාවලියේදී පිවිසි ක්‍රියාකාරී ක්‍රීඩකයින් අතර, කෝලි අයිපීඑල් සියලු තරග තනි කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතවී පවතිනවා.
ලක්නව් සුපර් ජයැන්ට්ස් පිලට ක්‍රීඩා කරන නිකලස් පූරන්ගේ මීළඟ තරගවාරයේ ගෙවීම ඉන්දීය රුපියල් කෝටි 21ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 73ක්) ලෙසයි දැක්වෙනේ.
නිකලස් පූරන් අධිකම රඳවා තබා ගැනීමේ තේරීම බවට පත් වූ අතර, 29 හැවිරිදි ඔහු එවැනි ගෙවීමක් කරන එම කණ්ඩායමේ එකම විදේශීය තරුව වන අතර පූරන් 2024 වාරයේදී ඉනිම් 14කදී ලකුණු 499ක් ලබා සාමාන්‍ය 62.37ක් ලෙස රඳවා ගත්තා.