2027 වසරේදී විස්සයි විස්ස කාන්තා ශූරතාවලියක් පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ සෑම වසරකම අවම වශයෙන් එක් කාන්තා ගෝලීය තරගාවලියක් පැවැත්වීමේ උපායමාර්ගික සැලැසුමේ කොටසක් ලෙසින්.
ඒ අනුව අදාළ තරගාවලිය සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම තරගාවලිය 2027 වසරේ ජුනි සහ ජූලි මාසයේදී පැවැත්වෙනු ඇති.
ඒ සඳහා කණ්ඩායම 6ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එහිදී තරග 16ක් පැවැත්වීමට සැලැසුම් කර ඇති බව සඳහන්.