එළැඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය හෙට (නොවැම්බර් 6 වනදා) සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියි.
මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු නොවැම්බර් 07 වනදා සිට විවෘත කෙරෙනවා.
මේ අතර 20යි 20 තරග පැවැත්වෙන දින වලදී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව අසලද ටික කවුළුවක් ස්ථාපනය කෙරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
නොවැම්බර් 15 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියි.
ප්‍රවේශ පත්‍ර කවුළු උදෑසන 9:00 සිට සවස 5:00 දක්වා විවෘත ව තැබෙන අතර තරග පැවැත්වෙන දෙනවලදී උදෑසන 9:00 සිට සවස 8:00 දක්වා ටිකට් කවුළු විවෘතව තැබෙනු ඇති.
මේ අතර පන්දුවාර 20-20 සහ එක්දින තරගාවලි සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු ඊයේ රාත්‍රී 11.30ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි Radio WESL ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පළමු 20-20 තරගාවලිය එළඹෙන 09 වනදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය නොවැම්බර් 13 වනදා ආරම්භ වනවා.