Latest News

🏏 Hong Kong Sixes | Finals (SL vs PAK) : දෙවැනි වරටත් කුසලානය දිනා ගැනීමට සිංහයන් සමත් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ කුසලානය දෙවැනි වරටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ මෙවර තරගාවලියේ පකිස්ථානය සමඟ පැවති අවසන් මහා තරගය ලකුණු කඩුලු 3කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානයට පන්දුවාර 5යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 72ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5ක් තුළ කඩුළු 3ක් දැවී සිටියදී තරගය ජය ගත්තා.

ළහිරු මධුෂංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර ධනංජය ලක්ෂාන්, ළහිරු සමරකෝන්, තරිදු රත්නායක, සදුන් වීරක්කොඩි සහ නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

ශ්‍රී ලංකාව 2007 වසරේදී පළමු වරට හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය ජය ගත්තා.

World News

Send your contact Details Today