Latest News

රහස් ඡන්දයකින් පසු උර්සුලා වොන්ඩර්, යුරෝපා සංගමයේ දෙවැනි වරටත් සභාපති ධුරයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතර පැවැති රහස් ඡන්දයකින් පසු උර්සුලා වොන්ඩර් තවත් වසර 5කට යුරෝපා සංගමයේ සභාපතිනිය ලෙස පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

65 හැවිරිදි මේ බෙල්ජියම් ජාතික කාන්තාව එම සංගමයේ සභාපතිනිය ලෙස පත්වී ඇත්තේ දෙවැනි වරටයි.

මීට පෙර 2019 වසරේදී සිය පළමු ධුර කාලයේදී යුරෝපයේ කැපී පෙනෙන ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත් උර්සුලා එම කාලසීමාව ඇතුළත යුරෝපීය කලාපයේ අර්බුද සහ ගැටලු රැසක් සාර්ථකව විසඳීමට නායකත්වය සැපයූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ඊයේ යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්ද විමසීමේදී ඇයට පක්ෂව ඡන්ද 401ක් ලැබී ඇති අතර, එය සභාපති ධුරයට පත්වීමට ඇයට අවශ්‍යව තිබූ ඡන්ද ප්‍රමාණයට වඩා 41ක වැඩිවීමක් බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today