ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එරට පවතින ගැටුම් සමනය වනතුරු එම රට සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි නොකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ.
ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 7,400 ක් පමණ සේවය කරන බවයි වාර්තා වන්නේ.