Latest News

ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ පාපන්දු තරගාවලියකට කාලගුණය හරස්වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජ තරගාවලියක් වන LaLiga තරගය කල් දමා තිබෙනවා.

Valencia සමග Real Madrid අතරයි මෙම තරගය පැවැත්වීමට නියමිත ව තිබුණේ අදයි.

නමුත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් අදාළ තරග කල් දමා තිබෙනවා.

මේ අතර ස්පාඤ්ඤයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 158 සීමාව ඉක්මවා තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම ස්වාභාවික විපත්තියෙන් දිවි ගලවා ගත්තා යැයි සිතිය හැකි අතුරුදන් වූවන් සොයා තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මෙම ගංවතුර තත්ත්වය ඉතිහාසයේ ඇති වූ මාරාන්තික ම සහ දරුණුතම ගංවතුර තත්ත්වය බවයි ස්පාඤ්ඤ රජය පවසන්නේ.

ඊයේ (31) දිනයේ දීත් 1200කට අධික කම්කරුවන් ප්‍රමාණයක් යොදවා ඩ්‍රෝන යානා ආධාරයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

වර්ෂාව දිගින් දිගටම ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රාන්තවලට තර්ජනයක් වී ඇති බවයි පැවසෙන්නේ.

ස්පාඤ්ඤයේ අගමැති පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ මේ වනවිට වැදගත් ම දේ වන්නේ හැකි තරම් ජීවිත බේරා ගැනීම බවයි.

World News

Send your contact Details Today