2025 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තවදුරටත් නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා සතුව තබන්නට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ දී පාණ්ඩ්‍යාගේ නායකත්වය දැඩි විවේචනයකට ලක් වුණ ද, මෙවරත් තමන් පාණ්ඩ්‍යා ගැන විශ්වාසයක් තබා ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සඳහන් කර ඇත්තේ.
තවමත් නව ක්‍රීඩකයින් මිල දී ගැනීමට ලංසු පැවැත්වීම සිදු නොකළ ද, සෑම කණ්ඩායමක් ම තම කණ්ඩායමේ සිටි පසුගිය වසරේ ඇතැම් ක්‍රීඩකයින්ව රඳවා ගැනීම් සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ක්‍රීඩකයින් පස්දෙනෙකු තබාගෙන ඇති අතර එහිදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතර කණ්ඩායමේ දෙවැනි ස්ථානය ද හිමිව ඇත්තේ පාණ්ඩ්යායටයි.
ඔහුට ඉන්දීය රුපියල් කෝටි 16.35ක මුදලක් හිමිව තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම මිලක් හිමිව ඇති රඳවා ගැනුණු ක්‍රීඩකයා වන්නේ ජස්ප්‍රිට් බුම්රා යි.
ඔහුට ඉන්දියන් රුපියල් කෝටි 18ක් හිමිව තිබෙනවා.
රෝහිත් ශර්මා, සූර්යකුමාර් යාදව් සහ තිලක් වර්මා ද මෙවර තවදුරටත් කණ්ඩායමේ රඳවාගත් සෙසු ක්‍රීඩකයින් වනවා.