Latest News

මතීෂට කෝටි 13ක් ගෙවද්දී මීළඟට ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහාත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කිරීම හේතුවෙන්.

එහිදී මතීෂට ඉන්දීය රුපියල් කෝටි 13ක් හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක් පමණ) හිමිවනවා.

මතීෂ පතිරණට වඩා වැඩි මුදලකට ඊළඟ වාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන ඇති ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ රටුරාජ් ගයික්වාඩ් සහ රවින්ද්‍ර ජඩේජායි.

ඒ අනුව ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් ගෙවීමට නියමිතයි.

World News

Send your contact Details Today