5 වැනි ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (19 වැනිදා) සිට 28 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
තරගාවලිය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් පසුගිය ආසන්නත ම වසරේ ශූරයන් වූ ඉන්දියාව සමඟ නේපාලය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් ද B කාණ්ඩය නියෝජනය කරමින් පසුගිය ආසන්නත ම වසරේ අනුශූරයන් මෙන් ම මෙවර තරගාවලියේ සත්කාරකයන් ද වන ශ්‍රී ලංකාව සමඟින් බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ද එක් වනවා.
තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම මෙවර ද චමරි අතපත්තු ට හිමි ව ඇති අතර පෙර ආසන්නත ම තරගාවලියන්වල දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් ද මෙම කණ්ඩායමට ඇතුලත්.
මේ අතර සියලු තරග ජාත්‍යන්තර රූපවාහිනී විකාශන වේදිකා හරහා සජීව විකාශය කෙරෙන අතර, තරගාවලිය නැරඹීම සඳහා මහජනතාවට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව සලසා තිබෙන බව විස්සයි20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසුවා.
Groupings for Women’s Asia Cup 2024
Group 1- India, Nepal, Pakistan, UAE
Group 2- Sri Lanka, Bangladesh, Malaysia, Thailand
Full list of fixtures for Women’s Asia Cup 2024
July 19, Friday – UAE vs Nepal – 2:00 PM
July 19, Friday – India vs Pakistan – 7:00 PM
July 20, Saturday – Malaysia vs Thailand – 2:00 PM
July 20, Saturday – Sri Lanka vs Bangladesh – 7:00 PM
July 21, Sunday – India vs UAE – 2:00 PM
July 21, Sunday – Pakistan vs Nepal – 7:00 PM
July 22, Monday – Sri Lanka vs Malaysia – 2:00 PM
July 22, Monday – Bangladesh vs Thailand – 7:00 PM
July 23, Tuesday – Pakistan vs UAE – 2:00 PM
July 23, Tuesday – India vs Nepal – 7:00 PM
July 24, Wednesday – Bangladesh vs Malaysia – 2:00 PM
July 24, Wednesday – Sri Lanka vs Thailand – 7:00 PM
July 26, Friday – Semi-final 1 – 2:00 PM
July 26, Friday – Semi-final 2 – 7:00 PM
July 28, Sunday – Final – 7:00 PM