Latest News

ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් ඒ සඳහා සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතා හට ඇමතුමක් ලබා දිය හැකියි.

ඔහුගේ අංකය 071 85 92 651 වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ඔක්තෝබර් 19-23ත් අතර කාලය තුළදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණා.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා.

මෙම ප්‍රහාර සැලසුම පසුපස සිටින එක් පුද්ගලයෙක් කලකට ඉහත ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම් චෝදනාවක් හේතුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු වන බවයි ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල් ජාතිකයන් සතු සංචාරක ගොඩනැගිලි කිහිපයක් එම ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල්වරුන් ඉලක්ක කර මෙම ප්‍රහාර සැලසුම සිදු කරන්නට ඇතැයිද පොලීසිය හා ආරක්‍ෂක අංශ සඳහන් කරනවා.

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

මේ අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට අද දැනුම් දුන්නා.

ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මඟින් ඔවුන්ට දැනුම් දී තිබුණා.

මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

World News