Latest News

තියුණු මත්ස්‍යයෙකුගේ පහර දීමකින් ඉතාලි තරුණියක් මියයයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තියුණු මත්ස්‍යයෙකු පහර දීමෙන් වූ අනතුරකින් රළ මත ලිස්සා යාමේ නියුතු ඉතාලි තරුණියක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් රළ පැදීමේ යෙදී සිටියදීයි.

Giulia Manfrini නම් 36 හැවිරිදි ඇය, දුරස්ථ දූපත් දාමයක් වන Mentawai දූපත්වල ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

ඇයට පහර දුන් මත්ස්‍යා ‘Swordfish’ ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහර දීමෙන් ඇයගේ පපුවේ ඉහළ වම් කොටසේ සෙන්ටිමීටර පහක් පමණ ගැඹුරට තුවාල සිදුව ඇති බවයි වෛද්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ.

අනතුර සිදුවුණු වහාම ඇයට ප්‍රතිකාර ලබාදුන්න ද ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බව ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today