ඉතාලියේ පලර්මෝ ප්‍රදේශයේදී ඉලෙක්ට්‍රොනික දුම්වැටියක් පුපුරා යාමෙන් සංචාරක තරුණියක් තුවාල ලබා තිබෙනවා.
20 හැවිරිදි තරුණියකට මෙය සිදු වී ඇති බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කළේ.
පලර්මෝ ප්‍රදේශයේදී සිය පෙම්වතා සමඟ නිවාඩුවක් ගත කරමින් සිටි මෙම තරුණිය මෙළෙස අනතුරට පත් වී තිබෙනවා.
ඉලෙක්ට්‍රොනික දුම්වැටියක් පුපුරා යාමෙන් ඇගේ මුඛය ආශ්‍රිතව බරපතළ තුවාලයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රතිකාර සඳහා ඇය 118 ගිලන් රථයකින් රැගෙන ගොස් පලර්මෝ හි රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඉලෙක්ට්‍රොනික දුම්වැටි තුළ ඇති සහතික නොකළ බැටරි පිළිබඳව සැලකිලිමත් වන්නැයි ඉතාලි බලධාරීන් දැනුම් දී තිබෙනවා.