Latest News

අධික වර්ෂාවත් සමඟ ඉතාලියේ ප්‍රදේශයකට රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධික වර්ෂාවත් සමඟ හටගෙන ඇති ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඉතාලියේ එමින්ලියා රෝමානා ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කළාප 03කට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ඉතාලි කාලගුණ බලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අතර මෙසිනා ප්‍රදේශයේ අභන්තර මාර්ගවල සිර වී සිටි පුද්ගලයින් තිදෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා.

වියනරෝ ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවත් වාර්තා වනවා.

ඔහු ගමන්ගත් මෝටර් රථය ගං වතුරට හසු වී ගසාගෙන ගොස් තිබෙන බවට සඳහන්.

අයහපත් කාලගුණයත් සමඟ පාසල් වසා නොතිබීම හේතුවෙන් ටයිටනෝ නගරාධිපතිවරයාට මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ජල ගැලීම් තත්ත්වය හමුවේ ඔහු තවදුරටත් පාසල් පවත්වාගෙන යාම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ටයිටනෝ නගරාධිපතිවරයාට මරණ තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වනවා.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මොඩේනා ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි නගරාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.

පසුගිය දින දෙකේදී එම ප්‍රදේශයට බලපෑ වර්ෂාවේ ප්‍රබලත්වය දැක්වෙන්නේ මිලිමීටර් 120ක් ලෙසයි.

World News

Send your contact Details Today