ඉතාලියේ රැකියා වීසා පිළිබඳව හදිසි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය විසින්.
ඒ අනුව 2024 ඔක්තෝම්බර් 11 වැනි දින ඉතාලි පාර්ලිමේන්තුවෙන් නිකුත් කරන ලද නව ඉතාලි නීතියට බලාත්මක වන පරිදි (Decreto Legge n 145 dell 11/10/2024) රැකියා වීසා සඳහා නව අයදුම්පත් භාර නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම තානාපති කාර්යාලයේ ඇති සියලුම රැකියා වීසා අයදුම්පත්වල ක්‍රියාවලිය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන බව ද එහි සඳහන්.
මේ සඳහා වැඩිදුර තොරතුරු ලබාගැනීමට VFS කාර්යයාලයට හෝ කොළඹ ඉතාලි තානාපති කාර්යයාලයට නොපැමිණෙන ලෙසත් එම තොරතුරු හැකි ඉක්මනින් VFS සහ තානාපති කාර්යයාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට බලාපාරොත්තු වන බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
