Latest News

ඉතාලිය සම්මත කළ නව නීතියට දැඩි විරෝධයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආදේශකයක් මගින් දරුවෙකු ලැබීමට අඹුසැමියන් විදේශගත වීම ඉතාලිය විසින් නීති විරෝධී කර තිබෙනවා.

නීතිය කඩ කරන පිරිස් වෙත වසර දෙකක සිර දඬුවමක් සහ යුරෝ මිලියනයක් (පවුම් 835,710) දක්වා දඩ මුදලක් ගෙවිය යුතු බව සඳහන්.

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික පාලක පක්ෂය විසින් යෝජනා කරන ලද මෙම නීතිය, LGBT ප්‍රජාව ඉලක්ක කර ඇති බවයි විවේචකයන් සඳහන් කරන්නේ.

එමෙන්ම රට තුළ IVF භාවිතා කිරීමට ද අවසර නැති බව සඳහන්.

ඊයේ (16) මෙම නීතිය සම්මත වී ඇත්තේ ඉතාලියේ සෙනෙට් සභාවේදී ඡන්ද 84 ට 58 ක් ලෙසයි.

ඡන්ද විමසීමට පෙර පැවති විරෝධතාවලදී ඊට එරෙහි පිරිස් අවධාරණය කර තිබුණේ රටේ උපත් අනුපාතය අඩුවෙමින් තිබියදීත්, මිනිසුන්ට දෙමාපියන් වීම දුෂ්කර කරවන බවයි.

මෙම පියවර ඉතාලියේ පළමු කාන්තා අගමැති වන Giorgia Meloni ගේ සමාජ ගතානුගතික න්‍යාය පත්‍රයේ කොටසක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඇය ක්‍රිස්තියානි මවක් ලෙස තමා විස්තර කර ඇති අතර දරුවන් ඇති දැඩි කළ යුත්තේ පිරිමියෙකු සහ කාන්තාවක් විසින් පමණක් බව විශ්වාස කරයි යන්න බොහෝ විවේචකයින්ගේ අදහසයි.

ඇය මීට පෙර ද LGBT ‍යුවළ සම්බන්ධයෙන් ආදේශකත්වයට එරෙහිව කතා කර ඇති අතර LGBT විරෝධී බව ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ලක්ෂණයක් වුණා.

එමෙන්ම 2023 දී ඇගේ රජය සමලිංගික දෙමව්පියන්ගේ දරුවන් ලියාපදිංචි කිරීම නතර කරන ලෙස මිලාන්හි නගර සභාවට ද උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ජර්මනිය සියලු ආකාරයේ ආදේශකත්වය තහනම් කරන යුරෝපීය රටවල් අතර වනවා.

එක්සත් ජනපදය සහ කැනඩාව සමලිංගික යුවළ සඳහා ආදේශකයක් ලබාදෙන අතර, ඔවුන් උපතේ සිටම නීත්‍යානුකූල දෙමාපියන් ලෙස පිළිගනු ලබනවා.

World News

Send your contact Details Today