Latest News

ඉතාලියේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇද හැලි තිබෙනවා.

ඒ අනුව ලිකොරියාවට තැඹිලි වර්ණයේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවද සඳහන්.

වර්ෂාව සමඟ තද සුළං ද ඇතිව තිබෙන බව ඉතාලි මාධ්‍ය වාර්තා කළා.

වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියේ උතුරු, මධ්‍යම හා සාඩිනියා ප්‍රදේශයටයි.

සවෝනා ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගං වතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් වෙන්ටිවෙක්ලියා හා ජෙනිව්වා අතර දුම්රිය ගමනාගමනය ද අත්හිටුවා තිබෙනවා.

මේ අතර සැවෝනා ප්‍රදේශයේ නම්බෝල්දෝ ඇළ අවට ජනතාව, ගං වතුර අවධානමක් හේතුවෙන් ආරක්ෂක ස්ථාන කරා ඉවත් කර තිබෙනවා.

World News

Send your contact Details Today