ඉතාලියේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇද හැලි තිබෙනවා.
ඒ අනුව ලිකොරියාවට තැඹිලි වර්ණයේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවද සඳහන්.
වර්ෂාව සමඟ තද සුළං ද ඇතිව තිබෙන බව ඉතාලි මාධ්‍ය වාර්තා කළා.
වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියේ උතුරු, මධ්‍යම හා සාඩිනියා ප්‍රදේශයටයි.
සවෝනා ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගං වතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ හේතුවෙන් වෙන්ටිවෙක්ලියා හා ජෙනිව්වා අතර දුම්රිය ගමනාගමනය ද අත්හිටුවා තිබෙනවා.
මේ අතර සැවෝනා ප්‍රදේශයේ නම්බෝල්දෝ ඇළ අවට ජනතාව, ගං වතුර අවධානමක් හේතුවෙන් ආරක්ෂක ස්ථාන කරා ඉවත් කර තිබෙනවා.