2025 වසර සඳහා වන ඉතාලි අයවැය සම්මත වී තිබෙනවා.
පොරොන්දු වූ පරිදි නව බදු අය නොකරන බවයි ඉතාලි රජය ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර අලුත උපන් දරුවන් සඳහා කාඩ්පතක් හඳුන්වාදීමට නියමිතයි.
ඒ සමඟම අලුත උපන් සෑම බිළිඳෙකු සඳහාම යූරෝ 40,000ක මුදලක් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තරුණ, තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ රැකියා ඉලක්ක කරගත් දිරි ගැන්වීම් ද ස්ථාවර කර තිබෙනවා.
50%ක නිවාස අලුත්වැඩියා දීමනාව ද දීර්ඝ කර ඇති බවයි ඉතාලි රජය ප්‍රකාශ කළේ.
සෞඛ්‍යය සඳහා ද 2025 වසර සඳහා වන ඉතාලි අයවැයෙන් වැඩි මුදල් ප්‍රතිපාදන සංඛ්‍යාවක් වෙන්කර තිබෙනවා.
කෙසේවෙතත් පෙට්‍රල් සහ ඩිසල් මිල සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.