Latest News

සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා සම්මානය කමිඳුට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේ ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වුණා.

මේ සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සුදුසුකම් ලබා තිබුණා.

ඔවුන් අභිබවා යමින් කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය දිනා ගත්තා.

කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසය තුළ ටෙස්ට් තරග හතරකට ක්‍රීඩා කළ අතර, සාමාන්‍ය 90.20ක් ලෙස ලකුණු 451ක් ලබා ගත්තා.

ඔහු මේ වන විට ටෙස්ට් තරග 08කට ක්‍රීඩා කරමින් ශතක 05ක් ලබාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today