බංග්ලාදේශ ක්රීඩක මොහොමඩ් මහමුදුල්ලා T20 පිටියෙන් විශ්රාම ගන්නා බවට දැනුම්දී තිබෙනවා.
ඉන්දියාව සමඟ පැවැත්වෙන T20 තරගාවලිය ඔහුගේ අවසන් තරගාවලිය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
එහිදී ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
“මෙම තරඟාවලියේ අවසන් තරඟයෙන් පසුව මම T20I ක්රිකට් ක්රීඩාවෙන් සමුගන්නවා. මම මෙහි පැමිණීමට පෙර කලින් තීරණය කළා, මම මගේ පවුලේ අය සමඟ කතා කළා. මම පුහුණුකරුට, නායකයාට, ප්රධාන තේරීම් කමිටුවට සහ අධ්යක්ෂ මණ්ඩල සභාපතිට දැනුම්දුන්නා. මම හිතන්නේ මම ගත්ත තීරණය නිවැරදියි. මට සහ කණ්ඩායමට මෙම ආකෘතියෙන් ඉදිරියට යාමට කාලය උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලානයට වසර දෙකකට වඩා අඩු කාලයකදී එළැඹෙන නිසා මම එක්දින තරග රටාවට අවධානය යොමු කරනවා”.