Latest News

WT20WC 2024: සිංහ ධේනුවන්ට තවත් තීරණාත්මක තරගයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානයේ සිය පළමු ජය සොයන පසුබිමක සිටයි.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ ජය තීරණාත්මක වන්නේ මීළඟ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමටයි.

එසේ නොවුණත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දෙන්නට ද සිදු වනවා.

නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ අවසන් තරගය ප්‍රති නිර්මාණය කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට (යුරෝපා වේලාවෙන් සවස 4:00ට) තරග බිමට පිවිසීමට නියමිතයි.

World News

Send your contact Details Today