“කිර්ක්” සුළි කුණාටුව හේතුවෙන් ඉතාලියේ ප්රදේශ කිහිපයකට බලපෑම් එල්ලවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
එය මේවනවිට පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයේ මධ්යගතවයි.
“කිර්ක්” සුළි කුණාටුවේ ප්රබලත්වය පැයට කිලෝමීටර් 230ක් වනු ඇති බවටයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
එය ප්රංශය සහ ජර්මනිය පසුකර, උතුරු ඉතාලිය ස්පර්ශ කරමින් උතුරු යුරෝපයට ගමන් කරනු ඇති.
ඒ අනුව “කිර්ක්” සුළි කුණාටුවේ බලපෑමෙන් ඉතාලියේ උතුරු වෙරළ තීරයට වර්ෂාව සහිත කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවටයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවන්නේ.
