Latest News

2024 ඔක්තෝම්බර් සිට ඉතාලි මාර්ග නීති රීතිවලට වෙනසක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යය Matteo Salvini මහතා  විසින් පසුගිය දිනවල ඉතාලියේ මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ  මහාමාර්ග නීතරීති සංග්‍රහය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කොට තිබෙනවා.

ඒ අනුව මේ දිනවල ඉතාලි මාර්ග නීති රීති සංග්‍රහය වෙනස් වෙමින් පවතිනවා.

ඉතාලි මාර්ග නීතිය වෙනස් වීමට භාජනය වන ප්‍රධාන නීති අතරින් මූලික වන්නේ, වේගය ඉක්මවා රියපැදවීම හේතුවෙන් ලබා දිය හැකි දඬුවම්වල සංශෝධනයි.

වෙනස් වන මාර්ග නීතිරීති පහත සඳහන් පරිදි වනවා…

  1. මාර්ගයේ සඳහන් වේගය ඉක්මවා රිය පැදවීම (අදාල සීමාව ඉක්මවන 10 km/h සහ 40 km/h) සඳහා දඩය යුරෝ €173,00 සිට යුරෝ €694,00 දක්වා වැඩි කිරීමට තීරණය කොට තිබෙනවා.
  2. අදාල මාර්ගය ජනාකීර්ණ ප්‍රදේශ තුළ පිහිටා ඇතිනම් මෙන්ම, වසරක් ඇතුළත එකම රියදුරකු විසින් දෙවතාවක් මෙම වරද සිදු කළහොත්, අදාල දඩ මුදල යුරෝ € 220,00සිට යුරෝ €880,00 දක්වා වැඩි වන අතර, තම රියදුරු බලපත්‍රයද දින 15 සිට දින 30 දක්වා අත්හිටුවීමට හැකියාව තිබෙනවා.
  3. ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්වූ  ස්ථානවල රිය ගාල් කිරීමේ වරදට දඩය යුරෝ €330,00 සිට යුරෝ €990,00 දක්වාත් සහ බස් මංතීරුවල හෝ නැවතුම්පොළවල් සඳහා  වෙන්වූ  ස්ථාන වල රිය ගාල් කිරීමේ වරදට දඩය යුරෝ €165,00 සිට යුරෝ €660,00 දක්වාද වැඩි වීමට නියමිතයි.

World News

Send your contact Details Today