Latest News

සනත් ජයසූරියගේ පත්වීම තහවුරු කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව අදාළ තනතුර සඳහා පත්කර තිබෙනවා.

පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇති බව දැක්වෙනවා.

එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කළා.

World News

Send your contact Details Today