Latest News

සුපිරි පැසිපන්දු ශූරයින් ශ්‍රී ලංකාවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාලදිවයින පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී , කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වය සමත් වී තිබෙනවා.

රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වය ඊයේ (01) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලිය මාලදිවයින, මාලේ නගරයේ දී සැප්තැම්බර් 26 වන දින සිට සැප්තැම්බර් 30 දින දක්වා ලෝකයේ ප්‍රබල විදේශීය පැසිපන්දු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් සමඟ පැවැත්වුණා.

ජයග්‍රාහී ගුවන් හමුදා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති, ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

World News

Send your contact Details Today