Latest News

ශකීබ් අල් හසන් T20 පිටියෙන් සමුගනී

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් දිවියෙන් සමුගත් බව පවසනවා.

නිමා වූ පන්දුවාර 20 ලෝක කුසලානය තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරගාවලිය බවයි ශකීබ් පවසන්නේ.

ඒ අනුව ඔහු ජගත් පන්දුවාර 20 ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට තරග 129කදී ලකුණු 2551ක් සහ කඩුලු 149ක් බිඳ දමා තිබුණා.

එමෙන්ම ශකීබ් අල් හසන් වැඩිදුරත් පවසන්නේ ලබන ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් දිවියට ද සමුදීමට බලාපොරොත්තු වන බවයි.

ක්‍රිකට් පිටියේදී දඩබ්බරයකු ලෙසින් ප්‍රකට ශකීබ් අල් හසන් ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර එක්දින තරග පමණක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

World News

Send your contact Details Today