Latest News

කාලිංග කුමාර ජපානයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු පදක්කම් ලාභී කාලිංග කුමාරගේ එළඹෙන සති අන්තයේ දී ජපානයේ Nigata හිදි පැවැත්වීමට නියමිත World Athletics Continental Tour Bronze Label තරගාවලියට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර මෙම ඉසව්වට සහභාගී වීමට නියමිත ව සිටි ඔලිම්පික් සුදුසුකම් ලැබූ අරුණ දර්ශන අසනීප තත්වයක් හේතුවෙන් සිය සහභාගීත්වය ඉවත් කර ගත්තා.

ඒ අනුවයි කාලිංග හට මෙම අවස්ථාව හිමි වී තිබෙන්නේ.

මීට අමතරව මෙම වසරේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 85.45ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ රුමේශ් තරංග ද මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටියත් ඔහුට තරග සංවිධායකයින්ගෙන් ඒ සඳහා අවසර ලැබීම ප්‍රමාද වීම නිසා ඔහු ද තම සහභාගීත්වය ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම වසර තුල ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා අතර 13 වැනි ස්ථානයේ රුමේශ්ගේ දක්ෂතාව රැඳීමත් විශේෂත්වයක්.

ඔහු මෙම තරගාවලියට සහභාගී නොවෙමින් ඉදිරි තරගවාරය වෙනුවෙන් සූදානම් වීමට අරමුණු කර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today