Latest News

නිශාන් පීරිස් අද ටෙස්ට් හිස්වැස්ම පළඳී

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද(26) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගැනීමට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වූ දිල්රුවන් පෙරේරා විසින් ටෙස්ට් හිස් වැසුම නිශාන් වෙත පිරිනමා තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 167 වැනි ක්‍රීඩකයායි.

විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වුණා.

දකුණතින් දඟ පන්දු යවන නිශාන් වමතින් පන්දුවට පහර දෙනු ලබනවා.

පළමු පෙළ තරග 41 කට ක්‍රීඩා කර ඇති නිශාන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 172 ක්. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.37 ක් ලෙසින් සටහන් වනවා.

World News

Send your contact Details Today