අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමත් සමඟයි.
අද (23) දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියා.
ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුවුණා.
ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළා.
අද දිනයේදී තරගය ක්‍රියාත්මක වුණේ විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයක්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 305ක් රැස්කළ අතර දෙවන ඉනිමට ලකුණු 309ක් රැස්කරගෙන සිටියා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරීය නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු 68 ට කඩුලු 5ක් දවාගත් අතර ඔහු සමස්ත තරගයේදී කඩුුලු 9ක් දවාගත්තා.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 83ට නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු තුනක් දවාගත් අතර ඔහු දවාගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 6ක්.
ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සප්තැම්බර් 26 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතයි.