Latest News

පෝලන්ත නගරයක පදිංචි සියළු දෙනාට ඉවත් වන ලෙස නියෝගයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම යුරෝපයට බලපා ඇති ගංවතුර තත්ත්වය දිගටම පවතින බැවින් පෝලන්තයේ Nysa නගරයේ පදිංචි සියළු දෙනාට ඉවත් වන ලෙස නගරාධිපති ඉල්ලා තිබෙනවා.

ඒ මෙම නගරයේ ඇති විශාල විලක බැම්මක් කැඩී යාමේ අවදානම හේතුවෙන්.

එම නගරයේ 44,000 ක් පමණ ජනගහනයක් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Nysa නගරාධිපති Kordian Kolbiarz ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් උස් බිම් කරා යන ලෙසයි.

සති අන්තයේ ඇති වූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 17 දක්වා ඉහළ ගොස් ඇති අතර රුමේනියාවේ මරණ හතක් තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රියාව, චෙක් ජනරජය සහ පෝලන්තය යන රටවල ද ජීවිත හානි වාර්තාවන බව සඳහන්.

මෙම අධික ගං වතුර තත්ත්වය වසර 20 ක් තුළ මධ්‍යම යුරෝපයට බලපැම් කරන විශාලතම ගංවතුරයි.

World News

Send your contact Details Today