Latest News

ප්‍රංශයේ සිට එංගලන්තයට යාමට උත්සාහ කළ 8 ක් ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ සිට එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදී සංක්‍රමණිකයන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රංශ පොලීසිය පවසනවා.

දේශීය වේලාවෙන් 01:00 ට පමණ උතුරු Pas-de-Calais ප්‍රදේශයේ Boulogne-sur-mer ට උතුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ දී මෙම පිරිස රැගත් බෝටුව අනතුරට ලක්ව ඇති බව සඳහන්.

එම යාත්‍රාවේ එරිත්‍රියාව, සුඩානය, සිරියාව සහ ඉරානය ඇතුළු රටවල පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට තිබෙනවා.

ප්‍රංශ වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ වෙරළ තීරයේ හදිසි සේවා මගින් පුද්ගලයින් 53 දෙනෙකුට ප්‍රතිකාර ලබා දුන් බවයි.

බෝට්ටුවේ ගමන් කළ අට දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කර ඇති අතර හයිපෝතර්මියාවෙන් පෙළුණු ළදරුවෙකු ඇතුළු හය දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා.

මෙම මාරාන්තික සිද්ධිය වාර්තා වන්නේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් දරුවන් හය දෙනෙකු සහ ගැබිනි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් සති දෙකකටත් අඩු කාලයකදීයි.

World News

Send your contact Details Today