Latest News

ශ්‍රී ලංකා සහ නව­සී­ල­න්ත පළමු ටෙස්ට් තරගය නොමිලේ නරඹන්න අවස්ථාව

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ වනවා.

මේ සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

පළමු ටෙස්ට් තරගය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගාලු ක්‍රීඩාං­ග­ණයේ ගේට්ටුව අංක 4 හරහා මහජනතාවට පිටියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවනවා.

මේ 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සුම වෙනු­වෙන් 21 වැනිදා නිවාඩු දින­යක් ප්‍රකා­ශ­යට පත්කොට ඇති අතර පළමු ටෙස්ට් තර­ගය අත­ර­තු­රදී ලබා­දෙන විවේක දින­යේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩ­ක­යින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදි­නම පස්ව­රුවේ යළි කණ්ඩා­යම සමඟ එක්වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

දෙවැනි ටෙස්ට් තර­ගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තයි.

ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අව­සන් වරට ශ්‍රී ලංකා­වේදී හමුවී ඇත්තේ ‍2019 වස­රේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේ­දීයී.

World News

Send your contact Details Today