Latest News

ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තැබු සමිත ලංකාවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් 28 දින සිට 08 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබුණා.

ඔහු මෙම තරගාවලියේ එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබූ අතර ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ඔහු සමඟ මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

World News

Send your contact Details Today