Latest News

ශාන්ත ලුසියාවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම් ලාභියා වෙනුවෙන් දිනයක් වෙන් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශාන්ත ලුසියාවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මලල ක්‍රීඩිකාව බවට පත් වූ ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ගෞරවයක් වශයෙන් “ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් සැප්තැම්බර් 27 එරට ජාතික නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇය මීටර 100 ඉසව්වෙන් තත්පර 10.72ක් වාර්තා කරමින් ජාතික වාර්තාවක් සමඟින් රන් පදක්කම් හිමිකර ගනිමින් ඉතිහාසගත වූ අතර, මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගත්තා.

ඇයගේ මෙම අසාමාන්‍ය ජයග්‍රහණයට පෙර ශාන්ත ලුසියන් කිසිවෙක් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන තිබුණේ නැහැ.

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට ඇය සැප්තැම්බර් 24 වැනිදා නැවත ශාන්ත ලුසියා වෙත පැමිණෙනවා.

එදින ඇය ශාන්ත ලුසියා වෙත ආපසු පැමිණෙන විට සැමරුම් ආරම්භ වන අතර එහිදී ඇය නැගෙනහිර වෙරළ දිගේ රථ පෙළපාලියකින් පිළිගැනීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today