Latest News

ප්‍රංශයට නව අගමැතිවරයෙක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනපති ධූරය වෙනුවෙන් එම්මානුවෙල් මැක්‍රොන්ට අභියෝග කළ මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබෙනවා.

ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුව, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින්.

73 හැවිරිදි බාර්නියර් යුරෝපා සංගමයේ හිටපු ප්‍රධාන බ්‍රෙක්සිට් සාකච්ඡාකරු වන අතර 2016 සහ 2019 අතර එක්සත් රාජධානියේ රජය සමඟ සාකච්ඡා මෙහෙයවූ අයෙක්.

දක්ෂිනාංශික රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රවීණයෙකු වන ඔහු දිගු දේශපාලන ජීවිතයක් ගත කර ඇති අතර ප්‍රංශයේ සහ යුරෝපා සංගමය තුළ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා තිබෙනවා.

කිසිවකුටත් පැහැදිලි බහුතරයක් පිහිටුවීමට නොහැකි වූ විශාල දේශපාලන කණ්ඩායම් තුනකට බෙදී ඇති ජාතික සභාවක දැන් ආණ්ඩුවක් පිහිටුවීමට ඔහුට සිදුවණු ඇති.

වසර තුනකට පෙර බාර්නියර් තමන් ප්‍රංශ ජනාධිපති ධූරය සඳහා ජනාධිපති මැක්‍රොන් සමග තරග කරන බවත් පවසා තිබූ අයෙක්.

ඒ සංක්‍රමණ සීමා කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය බව පවසමින්.

නමුත් අවසානයේදී ඔහුගේ පක්ෂයෙන් ඔහුව ජනපති අපේක්ෂකයෙකු ලෙස තෝරා ගත්තේ නැහැ.

කෙසේ වෙතත් 1958 දී ප්‍රංශයේ පස්වන ජනරජය බිහිවීමෙන් පසු බාර්නියර් මහතා දූරයට තේරී පත්වූ ප්‍රංශයේ වයස්ගතම අගමැති වනු ඇති.

World News

Send your contact Details Today