Latest News

අසිත ප්‍රනාන්දු, ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත්ව තිබෙනවා.

එංගලන්ත තරගාවලිය ආරම්භයට පෙර ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 16 වන ස්ථානයේ පසුවුණා.

එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රිඩක ප්‍රභාත් ජයසූරියට 13 වන ස්ථානය හිමිව තිබෙනවා.

ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දිමුත් කරුණාරත්න 13 වන ස්ථානයේත්, ධනංජය ද සිල්වා 16 වන ස්ථානයේත් පසුවනවා.

World News

Send your contact Details Today