Latest News

රාහුල් ඩ්‍රාවිඩ්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2025 වසර සඳහා ක්‍රීඩක වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.

එහිදී රඳවා ගතයුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඩ්‍රාවිඩ්, රෝයල්ස් හිමිකරුවන් සමග සාකච්ඡා කළ බව සඳහන්.

රෝයල්ස් කණ්ඩායම සමග ඩ්‍රාවිඩ් ට අතීතයේ ද සම්බන්ධතා තිබුණා.

ඒ අනුව ඔහු 2012 සහ 2013 වසර වල රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

මේ අතර රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස 2021 වසරේ සිට කටයුතු කළ කුමාර් සංගක්කාර මින් ඉදිරියට වෙනත් ලීග් තරගාවලි සඳහා සහභාගී වන පාර්ල් රෝයල්ස්, (SA20) කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ බාබෙඩෝස් රෝයල්ස් කණ්ඩායම් හා සම්බන්ධව කටයුතු කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today