32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කැපුම් තුවාලයක් සහිතව ඊයේ රාත්‍රියේ, පෙලෙග්‍රිනි හි හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව ඉතාලි මාධ්‍ය පවසනවා.
තියුණු ආයුධයකින් ඔහුට පහර එල්ල වී ඇති අතර, Vico Tessitori හි දී ඔහු අසාර්ථක වූ කොල්ලකෑමේ උත්සාහයක නිරතව ඇති බව සඳහන්.
මෙම තරුණයාට සිදුවූ තුවාලය කුඩා වන අතර ජීවිතයට තර්ජනයක් නොමැති බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.