Latest News

එයාර් බස් අල්ලස් සිද්ධියට සම්බන්ධ දෙදෙනාට විවෘත වරෙන්තු

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලී විජේනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) මෙම නියෝගය නිකුත් කළේය.
මෙම වරෙන්තු ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළ වෙත යැවීමටත්, සැකකරුවන් මෙරටට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙසත් ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර ඇත.

World News

Send your contact Details Today