Latest News

ව්‍යාජ ලේඛන සමඟ වාහන ජාවාරමට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලිපි ලේඛන සකස්කර රථවාහන ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී මෝටර් රථ 03ක්, ජීප් රථ 02ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 39 සහ 44 අතර වන අතර, ඔවුන් කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

World News

Send your contact Details Today