Latest News

ඉන්දුනීසියාවේ 7.4 භූකම්පනය – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (අප්‍රේල් 2) අලුයම ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ඇතිව තිබේ. එම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.
මෙම භූකම්පනය හේතුවෙන් කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000ක පරාසය තුළ භයානක සුනාමි රළ ඇති විය හැකි බවට එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එහෙත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයන්ට පමණක් සුනාමි අවදානමක් ඇති විය හැකි බවයි.

World News

Send your contact Details Today