අලුත් අවුරුදු සමය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ දිවයින පුරා පොලිස් ස්ථාන 608ම සහ ප්‍රදේශීය කොට්ඨාස 48ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම, රථවාහන පරීක්ෂා කිරීම් ඇතුළු මාර්ග ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති බවද ඔහු පැවසීය.
මහජනතාවට උපදෙස් ලබාදෙමින් පොලිසිය කියා සිටියේ උත්සව සමයේ නිවාසවල ආරක්ෂාව තහවුරු කර දොරගුළු නිසි ලෙස වසා තැබීම, වටිනා දේපළ සුරක්ෂිත කිරීම සහ අසල්වැසියන් දැනුවත් කිරීම වැදගත් බවයි. එසේම, CCTV පද්ධති ක්‍රියාකාරීව තබා ගැනීම සහ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ස්ථානය පිළිබඳ තොරතුරු අධික ලෙස බෙදා හැරීමෙන් වළකින්න ලෙසද අවධාරණය කර ඇත.
තවද, සාප්පු සවාරි හා ගමන් කිරීමේදී ව්‍යාජ නෝට්ටු, දේපළ සොරකම් සහ වාහන ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, රිය අනතුරු වලට ප්‍රධාන හේතු වන අධික වේගය, බීමත් රිය පැදවීම සහ විඩාව යනාදිය පිළිබඳ අවධානය යොමු කරන ලෙසද මහජනතාවට උපදෙස් ලබාදී තිබේ.
මෙම උත්සව සමයේ සියලුම නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර