Latest News

දික්ඕවිට රැගෙන ආ යාත්‍රාවේ රු. බිලියන 6කට අධික හෙරොයින් තොගයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී කිලෝග්‍රෑම් 300කට ආසන්න හෙරොයින් තොගයක් සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය පැකට් 298කින් සමන්විත වන අතර එහි දළ වටිනාකම රුපියල් බිලියන 6කට (කෝටි 600කට) අධික බව නාවික හමුදාපති පවසයි.
අදාළ යාත්‍රාවේ උර 19ක තිබූ ද්‍රව්‍ය හෙරොයින් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් තහවුරු කර තිබේ.
මෙම බහුදින ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත්ද්‍රව්‍ය තොගය අද (01) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.

World News

Send your contact Details Today